කොටස් වෙළෙඳපොළ තව දුරටත් ඉහළට

නොවැ 22, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ ‍ඊයේ (21) ගනුදෙනු නිමාවන විට ඉකුත් සතියට සාපේක්ෂව සියයට තුනක වර්ධනයක් වාර්තා කර තිබේ.

    ඉකුත් නොවැම්බර් 15 වැනි දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686.52ක් විය.

    එය ඊයේ දිනය නිමාවන විට රුපියල් මිලියන 708.53ක් වූ බව කොළඹ වාර්තා වේ.

    එය මේ වසරේ වාර්තා වූ ඉහළම පිරිවැටුම වූ රුපියල් බිලියන 2.4 ක ප්‍රමාණයක් බව පැවසේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වලින් විදුලිබල හා බලශක්ති අංශයේ 6.3% ක් ද, නිෂ්පාදන අංශයෙන් 6.1% ක් ද, ආයෝජන අංශයෙන් 4.5% ක් ද, ආහාර හා දුම්කොළ 3.1% ක් ද,සේවා අංශයෙන් 3% ක් ද වර්ධනය වී තිබේ.

    Latest News