රොසැල්ල,බිංඔය,වටවල,ඉන්චාරා,වේවැල්තලාව යන මහවැලි ගඟ දෙපස පිහිටි රක්ෂිත,වන වගා සහ කැලෑ බිම් ආශ්‍රිතව හටගත් ගින්නකින් අක්කර 150ක් පමණ විනාශ වී තිබේ.

යක්කල,බෙම්මුල්ල ප්‍රදේශයේ,පොල්තෙල් අපනයන කම්හලක ගින්නක් හටගෙන තිබේ.

පේරාදෙණිය,මහකන්ද ප්‍රදේශයේ දී හදිසි ගින්නක් හටගෙන තිබේ.

සිය වසරකට වඩා පැරණි වූ හැටන් තානායම අද අලුයම හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ස්ථානයක ගින්නක් හට ගෙන තිබේ. ඒ ඊයේ රාත්‍රීයේ.

කෑගල්ල නගර සභා කසල බැහැර කරන අංගනයේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ශීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් යළිත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉදිරි දැඩි උෂ්ණ කාලගුණයත් සමග තවදුරටත් ලැව්ගිනි ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි ගමන් මලු නිපදවනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් 43 දෙනෙක් මියගොස් තිබේ.

හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙලදසැල් පේලියක අද (25) අලුයම ගින්නක් හටගෙන තිබේ.

කොළඹ, චැතැම් විදියේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ගින්නක් හටගෙන තිබේ.ගින්න හට ගැනුණේ ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ.

Latest News