මෙරට ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දීය රජය ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ස්තූතිය පළ කළා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව, අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව, ඉන්දීය රජය පවසනවා.

ඉන්දියාව බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටියි. ඒ එරට ගල් අඟුරු බලාගාර 135න් අඩකටම අවශ්‍ය ප්‍රමාණවත් ගල් අඟුරු සැපයීම අඩාල වී තිබීම හේතුවෙන්.

අසල්වැසි ඉන්දියාව තුළ ද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් නව කොරෝනා ප්‍රභේද හේතුවෙන් ඇතිව ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙරට කොවිඩ් -19. ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්ලස් කොරෝනා නව වෛරස ප්‍රභේදය මේ වන විට ප්‍රාන්ත 10කින් හමුවී තිබේ.

දිනක් තුළ මෙතෙක් සිදුවූ ලොව වැඩිම කොරෝනා දෛනික මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එම මරණ ගණන 6,138ක්.

ඉන්දියාවෙන් මුල් වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ මාරාන්තික ප්‍රභේදය මේ වන විට ලොව තවත් රටවල් 44 කින් පමණ හඳුනාගෙන ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොවිඩ්-19 රෝගයෙන් බැටකන ඉන්දියානු ජනතාව මේ වන විට තවත් දිලීර ආසාදනයකින් ද පීඩා විදිමින් සිටියි. ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ට ද මෙම දිලීරය බලපා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සදහා කඩිනමින් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Latest News