මේවන විට මාතර දිස්ත්‍රික්කයට නැවත තද වැසි ඇද හැලෙමින් පවති.

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.

නැගෙනහිර - ලිබියාවට බලපෑ "ඩැනියෙන්" සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් 200 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එහෙත්, එරට රජය පවසන්නේ, මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා යා හැකි බවයි.

බ්‍රසීලයට බලපා ඇති අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අධික ගංවතුරින් 31 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් අතුරුදන් බවයි වාර්තා වන්නේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට පුද්ගලයින් දෙලක්ෂ 19,027 දෙනෙකු අවතැන්ව සිටියි.

පවතින ගංවතුර තත්වය හේතුවෙන් මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවුරුදු 15ක පාසල් දරුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

දශක ගණනාවකට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්වයේ හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් ජනතාව අවතැන් වී සිටින බව වාර්තා වෙයි.

Latest News