ඒ අනුව මෙම සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරායෙන් ඉකුත්(05) පිටත්ව තිබූ නෞකාව ඊයේ(07) හම්බන්තොට වරායට ලගාවූ අතර, අද (08) දින ත්‍රිකුණාමලය වරාය වෙත සේන්දු විය.
රාත්‍රී 3, 4 හා 5 වශයෙන් සංචාරය කිරීමේ පැකේජ අවස්ථා මෙහිදී සංචාරකයන්ට සපයා ඇත. නෞකාවෙන් පැමිණි සංචාරකයින් හට අද දින ත්‍රිකුණාමලේ සංචාරක ස්ථාන නැරඹීමටද අවශ්‍ය පහසුකම් සපයා දී තිබුණි.
මෙම නෞකාව හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරායන් වලට යාත්‍රා කරයි.