එසේවුවත් සීත කාලයේ සුන්දරත්වය තාමත් පරිසරයේ දක්නට ලැබේ.
මේ දකින්නෙත් එවැනි සුන්දර අවස්ථාවක්.
ඊසාන දිග චීනයේ හෙලොන්ජියැන් පළාතේ අයිස් මිදුණු ගංඟාවක් පුපුරවා හැරීමට සිදුවුණා.
ඒ වසන්ත සමයේ ඇති විය හැකි ගංවතුර අවධානම මඟ හැරීම සඳහායි.
කිලෝමීටර් 2.7 දුරට අයිස් තට්ටුව මිඳී තිබිණ.
එය විනෝදජනක අවස්ථාවක් වූ බවයි වාර්තා වන්නේ.