චීන ආලෝක සංදර්ශනය

ජූනි 10, 2019

    සංස්කෘතික සහ නව තාක්‍ෂණය සංකලනය කරමින් ඉදිරිපත් කෙරුණු ආලෝක සංදර්ශනය චීනයේ “චූහාන් සිටි“ හිදී ඊයේ පැවැත්විණ.

    “චූහාන්“ ප්‍රදේශයේ විල් ආශ්‍රිතව හටගන්නා නෙළුම් මල් සංකේතවත් කරමින් “වූහාන් ලෝටස්“ නමින්, වාර්ෂිකව මෙම උත්සවය පැවැත්වේ. වසරේ ආරම්භය හා 2019 චීන මුද්දර ප්‍රදර්ශනය විවෘත කිරීම සනිටුහන් කරමින් එය සංවිධාන කෙරිණ. තාක්‍ෂණික ක්‍රමවේද ඇතුළු විවිධ වර්ණවලින් යුත් උපාංග සහිත නව තාක්‍ෂණික ඩ්‍රෝන යානා 400ක් සංදර්ශනයට යොදා ගෙන තිබිණ.

    නෙළුම් මලෙහි ආකෘතිය සංකේතවත් කරමින් විවිධාකාර “ත්‍රී-ඩී“ (3D) තාක්‍ෂණික හැඩතල මෙන්ම රටා සහ නව තාක්‍ෂණික සජීවිකරණ ප්‍රයෝග ඒ සඳහා යොදා ගැණින.

    Last modified on සදුදා, 10 ජූනි 2019 19:48

    Latest News