මාධ්‍ය ප්‍රවීණයින්ට ගෞරව සම්මාන

ජූලි 07, 2019

    රූපවාහිනී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් තිදෙනෙකුට ගෞරව සම්මාන පිරිනැමීම ඊයේ සිදු කෙරිණ.

    ඒ, ලංකා රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනය විසින්. මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේ ආරම්භක යුගයේ ප්‍රවෘත්ති නිවේදන කටයුතු සිදු කළ රොස්මන්ඩ් සේනාරත්න, සුමනා නෙල්ලම්පිටිය, ඉඳුනිල් දිසානායක යන ප්‍රවීණයින්ට සම්මාන පිරිනමනු ලැබුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින්.

    රොස්මන්ඩ් සේනාරත්න සහ සුමනා නෙල්ලම්පිටිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශය ආරම්භක සමයේ ඊට පුරෝගාමීව ක්‍රියා කළ නිවේදක දෙපළක්. උත්සවය පැවැත්වුණේ කළුබෝවිල හත්බෝධි රජමහා විහාරස්ථානයේ දී. ලංකා රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනයට තෙවැනි සිසුන් කණ්ඩායම ඇතුලත් කර ගැනීම ද මීට සමගාමීව සිදු කෙරිණ. එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින්. ප්‍රවීණ කලාකරු රෝහණ වීරසිංහයන් ද මීට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. හත්බෝධි රජමහා විහාරාධිපති පූජ්‍ය කනවරඇල්ලේ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් උත්සවය පැවැත්විණ.

    Latest News