සත්ව හා ශාක 1,200ක් වඳවීමේ තර්ජනයක

මාර් 13, 2019

    ලොව පුරා සත්ව හා ශාක විශේෂ 1,200ක් මුළුමනින්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි, හෙළිවී තිබේ.

    ඒ, ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පිරිසක් සිදුකළ පර්යේෂණයකින්. වනජීවී සංරක්ෂණ සංවිධානයක් සමඟ ඒකාබද්ධව එය සිදු කෙරිණ. පරිසර පද්ධතිවලට සිදුවන හානි, ශාක හා සතුන් වඳවී යාමට මූලිකවම බලපාන බවයි, අනාවරණය වී ඇත්තේ.

    කෘෂිකර්මාන්තය, නාගරීකරණය සහ රාත්‍රී විදුලි ආලෝක පද්ධති, මහා මාර්ග, දුම්රිය මාර්ගා ආදී ඉදිකිරීම් තිරසාර නොවන අන්දමින් ක්‍රියාත්මක කිරීම, මීට බලපාන ප්‍රධාන හේතු සාධක වෙයි. එම නිසා, මිහිතලය මත ශාක හා සත්ව විශේෂ බරපතල අවදානම් තත්වයකට මුහුණපා සිටින බව, අදාළ වාර්තාවේ සඳහන්. සාමූහික වශයෙන් ශාක හා සත්ව විශේෂ වඳවීයාමේ මේ වන විට 6වන අදියර දක්වා උග්‍ර වී ඇති බවයි, එම වාර්තාවේ දැක්වෙන්නේ.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 10:07

    Latest News