ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති පරිදි මාස 18ක කාලයක් ඒ සඳහා බලා සිටීමට අවශ්‍ය නොවන බව ද එම පර්යේෂකයින් පවසයි. ගැබ් ගැනීම අතර කාලය අඩුවීමෙන් නොමේරු ළදරු උපත්, බර අඩුකරුවන් බිහිවීම මෙන්ම ළදරු සහ මාතෘ මරණ සිදුවීමේ අවදානමක් ද පවතී.
සිය පර්යේෂණයට අදාළ කරුණු වයස්ගත කාන්තාවන් සම්බන්ධයෙන් වඩාත් තහවුරු කළ හැකි බව පර්යේෂකයෝ පවසති. වසර 35න් පසු පළමු වරට මව්වරුන් වන කාන්තාවන්ට සිය දරුවන් අතර පරතරය තබා ගැනීමට මෙය හොඳ මාර්ගෝපදේශයක් බව පර්යේෂණයට එක්වූ වෛද්‍ය වෙන්ඩි නෝර්මන් පවසයි.
කැනඩාවේ සිදුවූ දරු උපත් 150,000ක් (එක් ලක්ෂ පනස් දහසක්) අධ්‍යයනය කරමින්, බ්‍රිටිෂ් කොළොම්බියා විශ්ව විද්‍යාලය සහ හාර්වඩ් සෞඛ්‍ය විද්‍යායතනය එක්ව මෙම පරීක්ෂණය සිදුකර තිබේ. මෙම පර්යේෂණයේ නිගමනය "ජාමා ඉන්ටර්නල් මෙඩිසින්" සගරාවෙහි පළකර ඇති බව වාර්තා වෙයි.