කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් කිලෝ 110ක් සමග පුද්ගලයින් තිදෙනෙක් පිළියන්දල දී අත්අඩංගුවට ගෙන තිබේ.
නිකවැරටිය, ගොන්නගස්වැව ප්‍රදේශයේ දී නීති විරෝධී ගිනි අවි නිශ්පාදනාගාරයක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.
Kush නමැති ගංජා විශේෂයක් සමග ඉරාන ජාතික කාන්තාවක් (24) කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුව, වියපරමුල්ලෛයි නිවසක වහලක් තුළ සඟවා තිබියදි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සොයා ගෙන තිබේ.
හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය අමාත්‍යාංශයට අනවසරයෙන් ඇතුළුවී කළහකාරී ලෙස හැරීම සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී කපුගීකියනගේ කුලතිස්ස යන අය කොළඹ අපරාධ පොලිස් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
update
රුපියල් ලක්ෂ 720ක අඟරු චෙක්පත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පලාත් සභා මන්ත්‍රී ෂම්මුගනාදන් කුහවර්දන් මහතාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඇප ලබා දී තිබේ.
දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු රේගුව මගින් අත්අඩංගුවට ගැනිණ.