ගංජා කිලෝ 86ක් වහලයකින් මතුවෙයි

ජන 29, 2019

    පේදුරුතුඩුව, වියපරමුල්ලෛයි නිවසක වහලක් තුළ සඟවා තිබියදි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 86 යි ග්‍රෑම් 400 සොයා ගෙන තිබේ.

    නාවික හමුදා බුද්ධි ‍තොරතුරකට අනුව පේදුරුතුඩුව පොලිසිය විසින් පේදුරුතුඩුව, ඉම්බාසිද්ධි ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එ අනුව ලද තොරතුරු අනුව මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු 50 වන වියෙහි පසුවේ. කේරළ ගංජා තොගය සහ සැකකරු සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි. පසුගිය සති තුනක කාලයේදී නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 509 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

     

    Latest News