නව වසරේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරනවා; අගමැති (වීඩියෝ)

ජන 01, 2020
  • උදාවූ නව වසරේ, රට සංවර්ධනය කරා ගෙන යමින්, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, තංගල්ල වජිරගිරි විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. 2020 නව වසර නිමිත්තෙන්, තංගල්ල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 100 දෙනෙකු සඳහා පොත් සහ උපකරණ බෙදාදීම සිදු කෙරුණු අතර, ගර්භණී කාන්තාවන් සිය දෙනෙකු සඳහා වියළි ආහාර මලු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමන් අතින් සිදුවිය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් දස දෙනෙකුට රෝද පුටු පරිත්‍යාගය ද මීට ඇතුළත්. තංගල්ල “රුහුණු කරළිය“ සංවිධානය විසින් මෙම වැඩසටහන සංවිධාන කළ අතර, මේ සඳහා ප්‍රදේශයේ සේවා සංවිධාන විසින් අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා....

    “මේ නව වසර මම හිතනවා ජනාධිපතිවරණය අවසානයේ ජනතාවට දුන්නු පොරොන්දු ඉටුවන වර්ෂයක්. ඒ වගේම දැනටමත් සහනාධාර, ලක්‍ෂයකට රැකියා අවස්ථා ලබාදෙන වර්ෂයක් වෙනවා. ජනාධිපතිවරයාගේ බලතලත් එක්ක ජනතාවට සියලු සහනාධාර ලබාදෙනවා. රටේ සංවර්ධනය උදෙසා බලාපොරොත්තු තියාගත හැකි වර්ෂයක් බවයි“ අගමැතිතුමා කියා සිටියේ.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 20:10

    Latest News