අලුත්ගම කන්දේවිහාරාධිපති හිමියෝ අපවත් වූහ.

දෙසැ 06, 2018

    අලුත්ගම කන්දේවිහාරාධිපති කළුතර දිස්ත්‍රික් සහ බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බටුවන්හේනේ බුද්ධරක්ඛිත හිමියෝ අපවත්වූහ.


    ගනේගම පූර්වාරාමය, කාලවිල ශ්‍රී සුදර්ශනාරාමය, තොටකනත්ත කුසුම රුක්ඛාරාමය යන විහාරස්ථානවල ද අධිපතිත්වය දැරූ උන්වහන්සේ ශාසනික, ආගමික වශයෙන් විශාල මෙහෙයක් ඉටු කළහ.

    අසරණ අයට නිවාස තනාදීම හා ශාසනයේ උන්නතිය සඳහා විහාරස්ථාන ඉදිකරදීම ද නාහිමියන් අතින් සිදුවූ මෙහෙවර අතර වේ. පාසල් සිසුන්ගේ ඥාන වර්ධනයට සුවිසාල මෙහෙවරක් ඉටු කළ නාහිමියෝ තිස් වසරක ගුරු සේවයෙන් පසු කන්දේවිහාරයේ උන්නතිය උදෙසාම කැපවූහ. අපවත්වන විට බුද්ධරක්ඛිත නාහිමියන්ගේ වයස අවුරුදු 78කි.

    Latest News