ජනපතිවරණයේ පොරොන්දු ඉටු කරමින් නව විශ්ව විද්‍යාලයක් නුවරඑළියට (වීඩියෝ)

ජන 04, 2020
  • නුවරඑළිය සදතැන්න වන විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කරනු ලබන බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝතපාදන තොරතුරු තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි.

    නුවරඑළිය දිස්ත්‍රිකයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවිමට මෙන්ම උසස් පෙළ සමතුන්ට අධ්‍යාපන වරම් දෙන බවට ජනපති දුන් පොරොන්දු ඉටු කරමින් නව විශ්ව විද්‍යාල ඇති කිරිමේ පළමු පියවර ගෙන ඇත.

    අද දහවල් නුවරඑළිය සදතැනන වන විද්‍යාතනයේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    සද තැන්න වන විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරිමට අවශ්‍ය මුලික පියවර පිළිබදව මෙහිදි සාකච්ජා කළ අතර අමාත්‍යවරයා වන විද්‍යායතන පරිශ්‍රයේ චාරිකාවද නිරත විය. මෙම අවස්තාවට රාජ්‍ය අමාත්‍ය එස්.බි දිසානායක, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, වන සංරක්ෂක ජනරාල් ඩබ්.ඒ.සි.වේරගොඩ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:13

    Latest News