රජයේ උත්සව සුපිරි හෝටල්වල පැවැත්වීම තහනම් - ජනපතිගෙන් දැඩි තීරණයක්

දෙසැ 07, 2018

    රජයේ උත්සව සහ රැස්වීම් රජයට සම්බන්ධ ශ්‍රවණාගාර හා ආයතනවල දී පමණක් සිදු කළ යුතු බවට තීරණය කෙරේ.

    ජනාධිපතිතුමාගේ උපෙදස් පරිදි චක්‍රලේඛනයක් මගින් සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත අද ඒ බව දැනුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අමාත්‍යාංශ, දෙපාර්මේන්තුව, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රමුක සියලුම රජයේ ආයතන තම සේවා ස්ථානවලට අයත් උත්සව, රැස්වීම් සහ විශේෂ වැඩසටහන් සඳහා පෞද්ගලික හෝටල්, විශේෂයෙන් සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

    රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රැසක් තිබිය දී ඒවා භාවිත නොකර, අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීමෙන් අධික මුදල් නාස්තියක් සිදුවේ. එය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිතුමා මේ තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

    Latest News