රන්ජන්ව අත්අඩංගුවට ගැනිමේ හේතුව මහින්දානන්ද කියයි

ජන 05, 2020

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර නොමැති පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමිනි.

    පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට ළඟ තබා ගැනීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගත් බවයි රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තවදුරටත් කියා සිටියේය.

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 18:21

    Latest News