බඩඉරිඟු ආනයනය සීමා පැනවෙයි

දෙසැ 07, 2018

    මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී සියයට 50කින් අවම කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    මෙරටට ඉතාමත් හොඳින් වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු මෙතෙක් අපේ රටේ ජාතික අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කෙරී නැත. 2017 වසරේ මෙරට බඩඉරිඟු වගා කරන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 150,000කි. ඉන් ලද අස්වැන්න ප්‍රමාණවත් නොවූ බැවින් 2017 වසරේ දී බඩඉරිඟු මෙ.ටො.164,000ක් මෙරටට  ආනයනය කර තිබේ. ඒ සඳහා වැය කරන ලද මුදල රු.මි. 23,000 කි.

    මෙවර මහ කන්නයේදී මෙරට බඩඉරිඟු වගා කෙරෙන අක්කර ප්‍රමාණය 2,50,000ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර එමඟින් ජාතික අවශ්‍යතාවයසියයට 50ක් සපුරා ගැනීමට හැකි වෙතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 2018 වසරේ මේ වන විට මෙරට ආනයනය කර තිබෙන බඩඉරිඟු ප්‍රමාණය මෙ.ටො. 80,000ට ආසන්නය. බඩඉරිඟු ආනයනකරුවන් බඩඉරිඟුමෙ.ටො ලක්ෂ තුනක් ආනයනය කිරීමට බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ඊට අවසර නොදීමට මහින්ද අමරවීර මැතිතුමා තීරණය කළේ ය. 

    එම නිසා මෙම මහ කන්නය තුළ වගා කර තිබෙන බඩඉරිඟු අක්කර ප්‍රමාණය ලක්ෂයකින් ඉහළ ගොස් ඇති නිසා ලබන වසරේ දී මෙරටට ආනයනය කෙරෙනබඩඉරිඟු ප්‍රමාණය සියයට 50න් අවම කිරීමට හැකියාව ලැබේ.

    අප රටේ  බඩඉරිඟු වගාවට විශාල හානියක් කළ හැකිව තිබූ “සේනා දළඹු” වසංගතය මේ වන විට පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වී ඇති අතර සේනා දළඹු වසංගතය නිසා බඩඉරිඟුඅක්කර දෙදහසකට පමණ හානි සිදු වී ඇතැයි වාර්තා වේ. නමුත් බඩඉරිඟු සමස්ත අස්වැන්න කෙරෙහි ඉන් බලපෑමක් එල්ල නොවන බව තහවුරු වී ඇති අතර දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්බඩඉරිඟු අස්වැන්න ඉහළ යා හැකි බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.

    Latest News