මෙම චෝදනාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීම නීතියට පටහැනි බව කරුණු දක්වමින් මෙම ප්රතිශෝධන පෙත්සම ගොනුකළ බව නීතිපතිගේ සම්බන්ධීකාරක අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය. සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය දෙසැම්බර් 29 වැනිදා ඇප ලබාදුනි.