දුරකතනයෙන් අපචාර යෝජනා කළ රන්ජන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි; පූජ්‍ය ඉත්තෑකන්දේ හිමි (විඩියෝ)

ජන 09, 2020
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬපට කිහිපයක් අද මාධ්‍යයට නිකුත් කෙරිණ.

    ඒ අතර රන්ජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර සිදුවූ බව කියන දුරකතන සංවාදය සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. 

    මේ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ රන්ජන් රාමනායක මහතා සිදුකරන දුරකතන සංවාදයක් ද අද මාධ්‍යය ඔස්සේ එළි දැක්විණ.

    පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් මෙලෙස මාධ්‍යයට නිකුත් කෙරිණ.

    පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි.....

    “දැන් අපිට දූෂණ චෝදනා දානවා මහත්මියක් ලිංගික අපචාර කරනවා, පුංචි ළමයි ලිංගිකත්වයට ගන්නවා කියලා හාමුදුරුවරුන්ට අපචාර චෝදනා සම්බන්ධව චෝදනා නඟපු මහත්තයා මෙන්න ගැහැණු ගෙන්න ගන්න හැටි“ යැයි පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 20:44

    Latest News