වඩිවේල් සුරේෂ් මහතා මේ බව කියා සිටියේ 2019 ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් (12) දින නාවලපිටිය කදිරේෂන් ශාලාවේදි පැවති තේ දින සම්මන්ත්‍රණයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි. එම හඩ පට රංජන් රාමනායක මහතාගේ පුද්ගලික කාරණයක් බව ඔහු තවදුරටත් කියා සිටියේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සිටින්නේ තම නියොජිතයන් බවත්, තම දේශාපාලන ගමනට අකමැති සහ අකුල්හෙලන බදුල්ල ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් පසුගිය දා පස්සර ප්‍රදේශයේ සිදු වු බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේ එම පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් කටයුතු කල බවත් ඉන් තම දේශපාලනයට කිසිදු බාධාවක් නොවන බවද වඩිවේල් සුරේෂ් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියාසිටියේය .