පොහොට්ටුව, මහ මැතිවරණයේදී ලකුණ වුවත් SLFP යට ගැටළුවක් නැහෑ: ශාන්ත බණ්ඩාර

ජන 17, 2020

    ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග වැදීමට සිදුවුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

    ඡන්ද ලකුණ පිළිබඳව නව සන්ධානයේ පක්ෂ නායකයින් ගන්නා ඕනෑම තීරණයක් ශ්‍රීලනිපය පිළිගන්නා බව ඔහු වැඩ දුරටත් කියා සිටියේය.

    ඊයේ (16) රාත්‍රියේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා........

    "ඔව්, ලකුණ පිළිබඳව කිසිම ගැටළුවක් නෑ. පොදු සන්ධානයක් හැදෙනවා. ඒ පොදු සන්ධානයේ පක්ෂ නායකයින් තීරණය කරන ඕනෙම ලකුණක් යටතේ අපි තරග වදිනවා. ඒක පොහොට්ටුවද, පුටුවද, ඒක අදාළ වෙන්නෙ නෑ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට සහාය ලබාදීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 11:32

    Latest News