Update : ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කුණු කන්දේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ

ජන 18, 2020

    Update : ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කුණු කන්දේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව වාර්තාවේ.


    යුද්ධ හමුදාවේ 25 දෙනෙකුගේ පමණ භටපිරිසක් මේ සඳහා යොදවා සහය ලබා දී තිබේ.

    ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කුණු කන්දේ ගින්නක් - (16:05)

    ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය කුණු කන්දේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තාවේ.

    ඊයේ සිට මේ ගින්න ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී තිබේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 04ක් පිටත් කර යැවූ බවයි. මේ වන විට ගින්න නිවාස කරා ව්‍යාප්ත වීම පාලනය කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා කොළඹ නගරයේ මේ වන විට පවතින ජල කප්පාදුව ගින්න මැඩ පැවැත්වීමට බාධාවක් වී තිබෙන බවද වාර්තාවේ.

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 20:08

    Latest News