එම පර්යේෂණය සිදුකරනු ලැබ ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික පර්යේෂණ විද්‍යාඥවරියක වන විනුරි සිල්වා සිසුවිය විසින්. ඔස්ට්‍රේලියාවේ අධ්‍යයන කටයුතු සිදු කළ ද විනුරි සිල්වා වැඩි කැමැත්තක් දක්වන්නේ, මෙරට සාගර කලාපය ආශ්‍රිත ගවේෂණ කිරීමටයි. ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ සාගර ජීව විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියකට අදාළව ඇය මේ පර්යේෂණය සිදුකර තිබේ. ඊට ගත වී ඇති කාලය වසරක්. රටම ආවරණය වන ලෙස පර්යේෂණය සඳහා සාම්පල යොදාගත් බව ඇය පවසන්නීය.
විසුරි සිල්වා සිසුවිය....
“ත්‍රිකුණාමලය, කුඩාවැල්ල, මීගමුව ධීවර කලාපවලින් හාල්මැස්සා, හුරුල්ලා, සාලයා ඊට යොදා ගත්තා. කොළඹ නාරා ආයතනයෙනුත් උදව් කළා. ලංකාවේ බහුතරයක් මාලුන්ගේ මිලි මිටර 5ට වඩා අඩු ප්ලාස්ටික් කොටස් ගොඩක් තිබුණා. ලංකාවේ මාලු 150කට වඩා පර්යේෂණයට යොදා ගත්තා. 90%කට වැඩි ප්‍රමාණයක ප්ලාස්ටික් හමුවුණා“
පර්යේෂණයේදී වැඩිම ප්ලාස්ටික් කොටස් අඩංගු බව තහවුරු වී ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍ර දේශයෙන් ලබාගත් සාම්පලවලින්.
විනුරි සිල්වා - ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය....
“ එක මාලුවෙකුගෙන් වැඩියෙන්ම හමුවූ ප්ලාස්ටික් ප්‍රමාණය කොටස් 23ක්. එය හමුවුණේ ත්‍රිකුණාමලයෙන් ලබාගත් හාල් මැස්සෙකුගෙන් 23, 20, 18 තමයි වැඩියෙන්ම හමුවුණේ“.
අමුද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ද්‍රව්‍ය දැනුවත්ව හෝ නොදැනුවත්ව සාගරයට මුදාහැරීම, මේ තත්වයට හේතුවයි. ධීවරයින් භාවිත කරන ප්ලාස්ටික් බෝතල් සහ දැල් සාගරයට මුදා හැරෙන ප්‍රධාන ප්ලාස්ටික් ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබේ.
විනුරි සිල්වා - ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය....
ඒ මාලු වර්ගයම ඔස්ට්‍රේලියාවෙනුත් ගත්තා. සංසන්දනය කළා. ඔස්ට්‍රේලියාවේ මාලුවෙකුගෙන් ප්ලාස්ටික් කෑලි 4යි වැඩියෙන්ම හමුවුණේ. ඒකයි වෙනස. අපේ 90%ක් කියන්නේ ලොකු ප්‍රතිශතයක්“.
තවත් පර්යේෂණයකින් මෙරට කරවල ආශ්‍රිතව සිදු කිරීම විනුරි සිල්වා සිසුවියගේ අපේක්‍ෂාවයි