වව්නියාවේ බස් රථයකින් ජෙලට්නයිට් කූරු 51ක්

ජන 19, 2020

    ජෙලට්නයිට් කූරු 51ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ.

    ඒ සෙට්ටිකුලම් පොලීසිය විසින්. වව්නියාව,නෙරියකුළම් ප්‍රදේශයේ සිදුකළ හදිසි රථවාහන පරීක්ෂාවක දී මෙම ජෙලනයිට් කූරු හමුවී තිබේ. කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ බස්රථයක ඒවා තිබූ බවයි, පොලීසිය පවසන්නේ. සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට ගැනිණ. ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 10:28

    Latest News