හුංගම දී වෙඩි වැදීමකින් හිමිනමක් අපවත් වෙයි (ඡායාරූප)

ජන 19, 2020

    හුංගම ප්‍රදේශයේ දී පොර බැදීමක් අතර තුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් හිමි නමක් අපවත් වී තිබේ.

    පොලිස් මාර්ග බාධකයක දී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් පොලීසිය විසින් නවතා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් අතර පොරබැඳීමක් සිදුව තිබේ. එම අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී තිබේ. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක සිටි ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තුවාල ලැබූ හිමිනම අපවත් වි තිබේ.

    අපවත් වූ හිමි නම වයස අවුරුදු 21ක් වූ හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් බවට අනාවරණය වී තිබේ. පලා යෑමට තැත්කළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ. සැකරකු හෙරොයින් ජාවාරම් කරන බවට මිට පෙර තොරතුරු ලැබී තිබේ. තංගල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    IMG 20200119 124420

    IMG 20200119 124244

    IMG 20200119 123303

    Last modified on ඉරිදා, 19 ජනවාරි 2020 14:33

    Latest News