ආරක්‍ෂක අංශ නිලධාරීන් 600කට පකිස්තානයේ වැඩිදුර පුහුණුව (වීඩියෝ)

ජන 27, 2020
  • ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ නිලධාරීන් 600කට පකිස්තානයේ වැඩිදුර පුහුණුවීම් ලබාදීමට එරට නාවික මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සාෆර් මහම්ද් අබ්බාසි මහතා එකඟතාවය පළ කළේය.

     

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (27) අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ. යුද සමයේ දී පකිස්තානය දැක්වූ සහයෝගය අගය කරන බව, රාජපක්‍ෂ මහතා පැවසීය. 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පසුගිය දෙසැම්බරයේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යළි පකිස්තානයට පැමිණිම පිළිබඳව අබ්බාසි මහතා කෘතඥතාව පළ කර සිටියේය.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 20:06

    Latest News