අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්

ජන 28, 2020

    අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ පහසුව සඳහා තානාපති කාර්යාලය වෙත නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගත හැකි අංකයක් හඳුන්වා දී තිබේ.

    2020 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක එම සේවාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය ඇතිව ආරම්භ කර ඇත.

    ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙම සේවාවන් ලබාගැනීමට බලාපොරොත්තු වන අයෙකුට 800 119 119 අංකය මගින් කිසිදු මුදල් වැය කිරීමකින් තොරව තානාපති කාර්යාලය ඇමතිය හැකිවේ.

    Latest News