UNP ව්‍යවස්ථාව ඒකාධිපති ස්වරූපයක් ගන්නවා; පා.ම. නලින් බණ්ඩාර

ජන 31, 2020

    එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව ඒකාධිපති ස්වරූපයක් ගන්නා බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර...

    “ අපි හිතනවා අපි වර්ජනය කිරීමත් මේ තීන්දුව මේ ආකාරයට වෙන්න පෙළඹීමක් වුණා කියලා. UNP නායකත්වය එපා කියලා කියන්නේ නැහැ. UNP ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහතා මේ තනතුර අතහරින්නේ නැත්නම් මේ තනතුර ගන්න පක්‍ෂ ව්‍යවස්ථාවේ ක්‍රමයක් නැහැ. එක්කෝ නායකයා ඉල්ලා අස්වෙන්න ඕනේ, නැත්නම් ඉන්න නායකයා නැතිවෙන්න ඕනේ. වෙන කිසිදු ක්‍රමයක් ව්‍යවස්ථාවේ නැහැ. පසුගිය වකවානුවේ අපි කිව්වා අපි පුළුල් සන්ධානයක් හදනවා කියලා. මෙතෙක් වෙනකම් පක්‍ෂ නායකත්වය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා සටන් කරානේ. අඩුම තරමේ කත්‍යාධිකාරී මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි, මහලේකම්තුමයි හැර ඉතුරු සියලු දෙනාම කත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා දෙන්න කියලා ලියුමක් දුන්නත් කැඳවන්න අවශ්‍ය නැහැ නායකතුමාගේ තනි බලයට තියෙන නිසා. ඒ ව්‍යවස්ථාවත් එක්ක අපිට හැප්පෙන්න බැහැ. ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට එහා ගිය ඒකාධිපති ස්වරූපයක් තියෙනවා“ යැයි නලින් බණ්ඩාර මහතා පැවසීය.

    Latest News