UNP/TNA එකඟතාව භයානකයි තිස්ස කියයි

දෙසැ 10, 2018

    දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ අතර, යම් එකඟතාවක් ඇති වී තිබේ නම්, එය භයානක තත්වයක් බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

    ඊයේ මහනුවරදී මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

    හිටපු පා.ම. තිස්ස අත්තනායක මහතා - “මම දැක්කා මාධ්‍යයේ නම් පළ වෙලා තියෙනවා ටී.එන්.ඒ මන්ත්‍රීවරු කළ සමහර ප්‍රකාශ. ඔවුන් කියනවා ඔවුන් එකඟතාවයන් ඇති කරගෙන තියෙනවා කියලා. එතකොට එහෙම වෙලා තියෙනවනම් ඒක ඉතාමත් භයානකයි. අන්තවාදී දේශපාන සංවිධාන හෝ පක්‍ෂ එක්ක එකට එකතු වෙලා ආණ්ඩු කරන්න ගියොත් රටටම සාධාරණය ඉෂ්ඨ කරන්න ප්‍රධාන දේශපාලන පක්‍ෂයට හෝ ආණ්ඩුවට අමාරු වෙනවා. මැදිහත් සිතින් ආණ්ඩුවක් පත්කර ගන්න නම් දකුණේ බහුතරයක් එක්ක එන්න ඕනේ. උතුරේ අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීම වරදක් නොවේ හැබැයි හවුල්කාර පක්‍ෂ සමඟ ඇතිකරගන්න එක නම් ඒ තරම් සුබදායක දෙයක් හැටියට මම දකින්නේ නැහැ“. යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News