පාලමක් නොමැතිකමින් දුක්විඳින උඩුබද්දාව ජනතාව (වීඩියෝ)

පෙබ 08, 2020
  • උඩුබද්දාව, අඟුලුව පොතුවටවන ඔය හරහා පාලමක් නොමැතිවීමෙන් සහ අනවසර වැලි ගොඩදැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටී.

    ඔවුන් පවසන්නේ, වසර 03කට වැඩි කාලයක සිට පාලමක් ඉදි කරදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. පොතුවටවන ඔය පිහිටා ඇත්තේ, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවලට අයත් රට මැද මාර්ගය කේන්ද්‍ර කර ගනිමින්, ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් දෛනික කටයුතු සඳහා රටමැද මාර්ගය ඔස්සේ පොතුවටවන ඔය හරහා ගමනාගමනයේ නිරත වේ. අඟුලුව සහ මැදගොඩ ගම්මානවල ජීවත්වන පවුල් සංඛ්‍යාව සියයකට ආසන්නයි. පාලමක් නොමැතිකමින් දුෂ්කරතා රැසකට මුහුණදෙන බව ජනතාව පවසති.

    ප්‍රදේශවාසී ජනතාව....

    “වතුර වැඩි කාලෙ ඇඳුම් ගලවගෙන එගොඩ වෙනවා. මොනවා කරන්නට ඉතිං“.

    ඇතැම් අවස්ථාවල ජනතාව එගොඩ-මෙගොඩ යාමට සිදුව ඇත්තේ ඔරුවකින්. ගම්වැසියන් පවසන්නේ, කුඩා දරුවන් සහ කාන්තාවන් සමඟ එසේ ගමන් කිරීම ඉතා අවදානම් බවයි.

    ප්‍රදේශවාසී ජනතාව....

    “අපිට නම් මෙතනින් එහාට මෙහට ගිය හැකි. ඉස්කෝලේ ළමයෙකුට පීනන්න පුලුවන්ද? ඉතිං අපි ජනාධිපතිතුමාට කියන්නේ සහනයක් සලස්සලා දෙන්න කියලා.

    Weter px 900 08 02 20

    පාලමක් හදලා දීලා“ පාලමක් නොමැති කමින් වසර 30කට අධික කාලයක් පීඩා විඳි මෙම ජනතාව අනවසර වැලි ජාවාරම්කරුවන්ගෙන් ද පීඩාවට පත්වෙලා. ජනතාව චෝදනා කරන්නේ ප්‍රදේශ නියෝජනය කළ පසුගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආධාර ඇතිව වැලි ජාවාරම සිදුකරන බවයි. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී මාදම්පේ සහ දුම්මලසූරිය පොලිස් ස්ථාන දැනුවත් කළ ද කිසිදු අවස්ථාවක නීතිය ක්‍රියාත්මක නොවූ ජනතාව පවසති.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 20:17

    Latest News