විශ්වවිද්‍යාලය ආශ්‍රිත ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම්; අද සිට ජාතික රූපවාහිනියෙන්

පෙබ 08, 2020
  • විශ්වවිද්‍යාලය ආශ්‍රිත ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන සජීව වැඩසටහනක් අද සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 10.20ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. “

    උද්ඝෝෂණ විරෝධතා මැද සාකච්ජාමය විසඳුම ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපනයේ හෙට දවස“ වැඩසටහනේ තේමාවයි.

    විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම මෙහි අරමුණයි. සමාරම්භක වැඩසටහනට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් ජයරත්න, වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ඩී සිල්වා, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණ ආයතනයේ නිසි බලධාරී ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදත් ලියනගේ යන මහත්වරුන් සහභාගිවීමට නියමිතයි. විශ්වවිද්‍යාල සිසුන්ට සිය ගැටලු දුරකතනය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 21:51

    Latest News