ජනපති-ඇෆ්ගන් මුදල් ඇමති හමුව

පෙබ 09, 2020

    දැන් දිවයිනට පැමිණ සිටින ඇෆ්ගනිස්ථානයේ මුදල් ඇමති මොහොමඩ් හුමායොන් ක්වයමි මහතා (Mohammed HumayonQayoumi) අද (09) පෙරවරුවේ ජනාධිපති නිවසේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

    ඇෆ්ගනිස්ථාන ජනාධිපතිතුමාගේ විශේෂ උපදේශකයා ද වන ක්වයමි මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සහ කලාපීය සබඳතා පිළිබඳව ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරු කර ගත්තේය. ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදරි (Ashraf Haidari)මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

    Latest News