ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනූව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ නිල සංචාරයකට එක්විය. අග්‍රාමාත්‍යවරයා,ප්‍රථමයෙන් සාරානාත් කෞතුකාගාරය නැරඹීමට එක්විය. බුදුන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ ඉසිපතනයේ මිගදාය පූජාභූමිය වන්දනාමාන කළේ ඉන් අනතුරුවයි. මූලගන්ධයි කුටි විහාරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර එහිදී ඔවුන් අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ ඉතා උණුසුම් අයුරින්.