මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර ඇති මරණීය දණ්ඩනය නියම වී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබිණ.
එහිදී මෙම නඩුවට පාදකවන සාක්ෂි උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා වෙලේ සුදා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර ඉල්ලීම් කර තිබිණ.
ඊට අදාළව නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ දී කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දෙනු ලැබීය.
රුපියල් මිලියනයක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.