මෝදරට නව ධීවර වෙළෙඳ සැලක්

පෙබ 14, 2020

    ගුණාත්මක බැවින් ඉහළ මාළු සහන මිලට ජනතාවට ලබාදීමේ අරමුණින් ඉදි කෙරුණු ධීවර වෙළෙඳ සැලක් කොළඹ, මෝදර රොක් හවුස් පටුමඟේදී අද විවෘත කෙරිණ.

    ඒ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දාමහතාගේ ප්‍රධානත්වයෙන්. පෝය දින හැර සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනයකම පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා මෙය විවෘතව තැබේ. සෞඛ්‍ය ආරක්‍ෂිත මෙන්ම, නැවුම් මාළු ජනතාවට ලබාදීමේ අරමුණින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සංකල්පයක් අනුව මෙවැනි වෙළෙඳසැල් 05ක් දිවයින පුරා ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ධීවර සංස්ථාවේ මෙහෙවර ජනතාවට වඩාත් සමීප කිරීම මෙන්ම, සංස්ථාව නඟා සිටුවීම ද මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර සංස්ථාවේ සභාපති මේජර් ජනරාල් එස්.ඩබ්.එල්. දවුලාගල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News