බන්ධනාගාර රැඳවියන්ට රැකියා පුහුණුව අද සිට (වීඩියෝ)

පෙබ 18, 2020
  • බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහි කිරීම සහ ඔවුන් සමාජගත කිරීමේ වැඩසටහනක් අද (18) ආරම්භ කෙරුණා.

    ඒ, වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී. අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරය ඒකාබද්ධව ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. පළමු අදියර යටතේ, රැඳවියන් 500ක් පුනරුත්ථාපනයට නියමිතයි. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. රැඳවියන් බන්ධනාගාරයෙන් පිටව ගිය පසු දේශීය සහ විදෙස් රැකියා අවස්ථාවන් වෙත යොමුකර ඔවුන් රටේ සංවර්ධනයට දායක කර ගැනීමට නියමිතයි. නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇතුළු ජනතා නියෝජිතයින් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 20:18

    Latest News