එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාව පිළිබඳ කරුණු දැක්වීම අද

පෙබ 27, 2020

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිතයි.

    ජිනීවා මානව හිමිකම් යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් නිල වශයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය ඊයේ පියවර ගැනිණ. ඒ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙනු ලැබුවේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙයි. ඉකුත් සඳුදා ඇරඹි එය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊයේ පැවති විශේෂ සැසිවාරයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නව රජයේ ස්ථාවරය පැහැදිලි කළේය. දේශීය අවශ්‍යතා හා ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දක්වන්නැයි, විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

    අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාචික කරුණු දැක්වීමෙන් අනතුරුව නැවතත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට ප්‍රතිචාර දැක්වීමට ද නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 09:43

    Latest News