සජිත්ගේ නව සන්ධානය හෙට (02); රනිල්ගේ රැස්වීමත් හෙට (02)

මාර් 01, 2020

    විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය නමින් නව සන්ධානයකට හෙට එළඹීමට නියමිතයි.

    ඒ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී.

    කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්ද සිරිකොත දී හෙට දිනයේ කැඳවා ඇති බවයි, එක්සත් ජාතික පක්‍ෂය සඳහන් කරන්නේ.

    ඉදිරි මහ මැතිවරණයට සන්ධාන ගතවීම එම සන්ධානයේ සලකුණ පිලිබඳව පසුගිය දිනවල එක්සත් ජාතික පක්‍ෂය තුල අර්බුදයක් මතුව තිබුණා. මහ මැතිවරණය සඳහා තරග කිරීමේ සලකුණ පිළිබඳ තීරණය කිරීමේ අවසන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී පැවැත්වෙනවා.

    Latest News