පාස්කු ප්‍රහාරය; ජනාධිපති කොමිෂන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

මාර් 02, 2020

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ, දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට අද බාරදෙනු ලැබුවා.

    ඒ, ජනාධිපති කාර්යාලයේදී. පාස්කු ප්‍රහාරය පිළිබඳව, විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, 2019 සැප්තැම්බර් 22 වැනිදා මෙම කොමිසම පිහිටුවනු ලැබුවා. එහි පළමු අතුරු වාර්තාව, දෙසැම්බර් 20 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට පිළිගැන්වුවා. කමිටුවේ අවසන් වාර්තාව, ඉදිරි පරීක්‍ෂණවලින් අනතුරුව සම්පාදනය කිරීමට නියමිතයි. කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සෙසු සාමාජිකයන් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News