ලෝක මත්ද්‍රව්‍ය ජාලයේ ශ්‍රී ලංකාව හුවමාරු මධ්‍යස්ථානයක් නොවේ

මාර් 05, 2020

    ශ්‍රී ලංකාව අන්තර් ජාතික මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ ආරක්‍ෂක අමාතයාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය සහ යාත්‍රා අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා. ඒ දින 25ක් පුරා සිදු කෙරුණු මෙහෙයුමකින් අනතුරුවයි.

    මත්ද්‍රව්‍ය තොගයමෙතෙක් එක් වරකදී අත් අඩංගුවට ගනු ලැබු විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගයයි. යාත්‍රාවල තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට ආසන්න ප්‍රමානයක් සොයා ගැනුණා. අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර පාකිස්තාන ජාතිකයන් 08 දෙනෙකු, ඉරාන ජාතිකයන් 08 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු වනවා.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ප්‍රකාශ කලේ, මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ පළමු තොරතුර මාසයකට පමණ ඉහත දී ලැබුණ බවයි. එය විශ්ලේෂණය කොට ජාතික බුද්ධි තොරතුරු එක් රැස් කරමින් නව තාක්‍ෂණය ද යොදා ගනිමින් ආරම්භ කෙරුණා. මෙරට දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර 1100 ක දුරකිනුයි මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සයුරළ“ හා සමුදුර“ යන නෞකා මෙහෙයුමට උපයෝගී කර ගැනුණා.

    Latest News