ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ, අධිකරණය ඉල්ලා සිටින ලේඛන සියල්ල බාරදීමට තම සේවාදායිකාව සූදානම් බවයි. ඒ අනුව, අදාළ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට (12) බාරදෙන ලෙස විනිසුරු මඩුල්ල කොමිසමේ ලේකම්වරියට නියෝග කළා. ඇයට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන බවට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
ත්රී පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කොමිසමේ ලේකම්වරියට එරෙහිව වරෙන්තු නිකුත් කළේ අලි රොෂාන් ඇතුලු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ගොනු මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කර තිබූ නියෝගය පැහැර හැරීම හේතුවෙන්.