එම දරුවාගේ මවට ද වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්, ඉතාලියේ සිට පැමිණි අය බවයි, වාර්තා වන්නේ. ඊයේ රාත්‍රී වන විට මෙරටින් හමු වූ සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 43ක්. ඉන් 15 දෙනෙකු හඳුනාගනු ලැබුවේ ඊයේ දිනයේ තුළයි.
රෝගය වැළඳී ඇතැයි හඳුනාගත් සියලුදෙනා අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතයි. දිවයිනපුරා ස්ථාපිත කර ඇති මධ්‍යස්ථාන 16ක 2,258 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.