මෙම ක්‍රියාදාමය දැනට රට තුළ පවතින සෞඛ්‍ය තත්වය මත මනා විමර්ශණයකට ලක්ව සිදු වන අතර, එලෙස ගොඩබසින විදේශීය සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් සහ ඔවුන් සමග සෘජුව ගනුදෙනු කරන දේශිය නියෝජිතයන් නාවික හමුදාව මගින් ගාල්ල බූස්ස නාවික කඳවුරේ ඉදි කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා පූර්ණ නිරෝධායනයකට ලක්කොට නැවත ඔවුන්ගේ රාජකාරී සඳහා පිටත්ව යාමට ඉඩකඩ සළසා ඇත.
එමෙන්ම දින කිහිපයක් වැනි කෙටි කළක් සඳහා පැමිණෙන සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් පූර්ණ නිරෝධායනයකට ලක් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා තෝරාගත් නවාතැන් පොලවල් තුනක (03) දැඩි නාවික හමුදා ආරක්ෂාව මධ්‍යයේ මොවුන් ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට ද කටයුතු කර ඇත.
මෙම සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් විසින් ගෙන එනු ලබන අවි ආයුධ ඇතුළු සියළු පෞද්ගලික බඩු බාහිරාදිය විෂබීජ නාශක ක්‍රියාවලියකට වරාය පරිශ්‍රය තුළදීම වරාය සෞඛ්‍ය සහ නාවික හමුදාවේ නිරෝධායන ඒකකයේ ක්‍රියාවලියකට භාජනය වේ.
එසේම ආනයන අපනයන මත පදනම් වූ ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවේ මෙවන් ව්‍යසනකාරී තත්වයක් යටතේ වුවද එම ආනයන අපනයන ක්‍රියාවලීන් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය කාරණයක් වන බැවින් එම ක්‍රියාවලීන් ඉතාමත් විධිමත්ව සහ ආරක්ෂාකාරීව සිදු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතා වගකීමෙන් ක්‍රියා කරයි.