කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවන දැනුම් දෙන තුරු බලාත්මකව පවතියි. අනෙකුත් දිස්තික්කවල ජනතාවට සිය සේවා ලබා ගැනීම සඳහා අද උදේ 6.00ට ඇඳිරි නීතිය ඉවත් කෙරිණි. එය අද දහවල් 2.00 ට යළිත් එම දිස්තික්කවලට පැනවීමට නියමිතයි.
අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අත්‍යවශ්‍ය සේවාවන් කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය දැඩිව කියාත්මක කරන බව පොලිසිය පවසයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ, හුදෙක් ජනතාවශේ සුබසිද්ධිය උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග හා උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.