මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 146ක් දක්වා ඉහළට (වීඩියෝ)

අප්‍රේ 01, 2020
  • මෙරටින් වාර්තා වන COVID-19 හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 146 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ බව අද පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම නව ආසාදිතයින් මරදාන, කුරුණෑගල සහ යාපනය ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

    මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 126 දෙනෙකු අයි.ඩී.එච් රෝහලේ ඇතුලු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02කි.

    Last modified on ඉරිදා, 05 අප්‍රේල් 2020 15:27

    Latest News