මහින්ද කල් දැමූ නිල ඇඳුමත් ළඟදීම

දෙසැ 18, 2018

    පාසල් දරුවන්ට නිල ඇඳුම් සඳහා වවුචර් කඩිනමින් ලබාදෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    පා.ම. අකිල විරාජ් කාරියවසම් මහතා “අපි නිල ඇඳුම වෙනුවට වවුචරය ගෙනාවේ හොරකම, දූෂණය නවත්වන්න. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු රෙදි දරුවන්ට ගන්න පුළුවන් වාතාවරණයක් ඇතිකරන්න. ඒක කරගන්න බැරිවුණා පහුගිය ආණ්ඩුවට දින 50 තුළ. දැන් ඉතිං අපි ඉතා ඉක්මණින් ඒක ක්‍රියාත්මක කරනවා.

    දරුවන්ගේ පොත්පත් ටිකත් ඉතා ඉක්මණින් බෙදාදීමට කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා පහුගිය කාලේ වෙච්ච අතපසුවීම් ඉතාම ඉක්මණින් නැවත යථා තත්වයට පත් කරන්න. ඒ වගේම ඉතා ඉක්මණින් ජනතාවට සහන දෙන, ජනතාවගේ සිතුම්-පැතුම් ක්‍රියාත්මක කරන ඒ සියල්ල අපි ඉතා ඉක්මණින් කරන්න බලාපොරොත්තු වෙනවා.

    කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පසුව අපි ගෙනාපු ආර්ථික වැඩපිළිවෙළ මේගොල්ලන්ට ගෙනියන්න බැරිවුණා. විශේෂයෙන්ම ආර්ථිකය පසුගිය දින 50 තුළ කඩා වැටුණා. ඒ ඉතාම බරපතල තත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. දැන් අපිට මේ ඔක්කොමට මුහුණ දීලා නැවතත් ආර්ථිකය ශක්තිමත් කරලා, ආර්ථිකය දියුණු කරලා, ජනතාවට ප්‍රතිලාභ දීලා, රැකියා බිහිකරලා, මේ සියලු වැඩ කටයුතු සංවිධානය කරලා අපි ඉතා ඉක්මණින් මේ කටයුතු සැලසුම් කරගෙන යනවා ආණ්ඩුවක් හැටියට ඉදිරියේදී ගෙනියන්න“ යැයි අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Latest News