ඔවුන් පැවසුවේ, මිය ගිය කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. අනතුරුව, දේහය නැවතත් මහියංගනය මූලික රෝහලේ තැන්පත් කෙරුණු අතර ඊයේ ලැබුණු මියගිය කාන්තාවගේ වාර්තා අනූව තහවුරු වී ඇත්තේ, ඇයට කොරෝනා වෛරසය වැළඳී නොමැති බවයි. අනතුරුව ඇයගේ සිරුර පවුලේ ඥාතීන් වෙත බාර දෙනු ලැබීය. පසුව ඊයේ රාත්‍රියේම දේවගිරිය පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කෙරුණු බව අප වාර්තාකරු පැවසීය.