මෝටර් රථය ගමන් කර ඇත්තේ මොරටුව දෙස සිට පානදුර දෙසටයි. එගොඩඋයන පරණ පාරේ මාර්ග බාධකයේ දී රථය නැවැත්වීම සඳහා සංඥා කර සිටිය ද එම රථය නොනවත්වා ධාවනය කර තිබේ.
ඒ බව මෝදර අළුත් පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම මාර්ග බාධකයේ දී මෙම රථය නැවැත්වීමට සංඥා කල ද එම අවස්ථාවේ දී ද කාර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. අළුත් පාලමට අනෙක් පැත්තෙන් ඇති පානදුර දකුණ පොලිස් ස්ථානයේ මාර්ග බාධකයේ නිලධාරීන් ද මෙම රථය නැවැත්වීමට සංඥා කර ඇති නමුත් රථය නොනවත්වා ධාවනය වී තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී එම කාර් රථය පානදුර රෝහල අසල නවතා තිබිය දී සොයා ගෙන තිබේ. වෙඩි තැබීම හේතුවෙන් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් තිදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් තුවාලකරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු සමඟ තුවාල ලැබු තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. තුවාල ලැබුවන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.
එගොඩඋයන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.