කොවිඩ් නිසා වෙසක් උත්සවයත් අවලංගුයි

අප්‍රේ 08, 2020

    උද්ගතවී තිබෙන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    ඒ අනුව වෙසක් උත්සවය සම්බන්ධ ආමිස හා ප්‍රතිපත්ති පූජා නිවාස ආශ්‍රිතව පමණක් සිදුකරන ලෙස මෙරට සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා සඳහන් කළේය.

    එමෙන්ම තම නිවසේ පැවැත්වෙන ආගමික කටයුතු වලට නිවසේ පුද්ගලයන් හැර පිටස්තර කිසිවකු සම්බන්ධ කර නොගන්නා ලෙස ද මහජනතාවගෙන් බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඉල්ලා සිටියේය.

    Latest News